පරිසර සංරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
1. හැඳින්වීම
ඇතැම් කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙන් පැවරී ඇති බලතල යටතේ එම කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා පාලනය කිරීමට පරිසර විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග අනුව, එවැනි යම් කර්මාන්තයක් හෝ ක්‍රියාකාරකමක් කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත යුතු බලපත්‍රයකි.
සටහන:
i. ඉහත නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇත.
ii. කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා ලබා ගත යුතු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇති බලතල, එකී ජාතික පාරිසරික පනතේ 26 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවලට පවරනු ලැබ ඇත.
iii. පළාත් පාලන ආයතනයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර භාර ගනු ලබන්නේ එකී ඇමුණුමෙහි සඳහන් කර්මාන්ත සම්බන්ධයෙන් පමණක් වන අතර සෙසු කර්මාන්ත සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතු ය.
2. නීතිමය අධිකාරිය
(අ) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත;
(ආ) 2022.01.27 වන දිනය දක්වා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති, එකී පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ නියෝග.
3. සුදුසුකම්
(අ) පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කිසියම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අදහස් කරනු ලබන නැතහොත් එවැනි කර්මාන්තයක් කර ගෙන යනු ලබන තැනැත්තෙකු විය යුතු ය.
(ආ) අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලින් කර ඇති නියම සම්පූර්ණ කර තිබිය යුතු ය.
4. පළාත් පාලන ආයතන විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය
4.1 2022.01.27 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2264/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් උපලේඛණයේ “අ”, “ආ”, “ඇ” සහ “ඈ” ලැයිස්තුවලට අයත් කර්මාන්ත / ක්‍රියාකාරකම් 199 ක් හඳුන්වා දී ඇති අතර මෙම ක්‍රියාකාරකම් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු නියමිත ක්‍රියාකාරකම් ලෙස හැඳින්වේ.
4.2 “ඈ” ලැයිස්තුවේ අඩංගු ක්‍රියාකාරකම් 39 සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා බලය පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.
5. ගාස්තුව
| අනු අංක | ආයෝජනය (රු) | පරීක්ෂණ ගාස්තුව (රු) |
|---|---|---|
| 01 | 250,000 හෝ ඊට අඩු | 3,000.00 |
| 02 | 250,001 ට වැඩි එහෙත් 500,000 දක්වා | 3,750.00 |
| 03 | 500,001 ට වැඩි එහෙත් 1,000,000 දක්වා | 5,000.00 |
| 04 | 1,000,000 ට වැඩි | 10,000.00 |
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව රුපියල් 4,950.00 කි.
6. ඉදිරිපත් කළ යුතු ලේඛන
- පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය (පෙරටු කාර්යාලයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක)
- කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක්
- අනුමත ගොඩනැගිලි සැලැස්ම සහ අනුකූලතා සහතිකය
- අනුමත මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්
- කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර
සටහන: කර්මාන්තය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ල ඒ කාර්යය සඳහාම ගොඩනඟන ලද එකක් විය යුතු අතර, අනුමත ගොඩනැගිලි සැලැස්ම සහ අනුකූලතා සහතිකය ඒ අනුවම විය යුතුය.
7. ඉල්ලුම් කිරීමේ පටිපාටිය
අයදුම්කරු විසින් ඉල්ලුම් පත්‍රය ලබාගෙන නිවැරදිව සම්පූර්ණ කර අවශ්‍ය ඇමුණුම් සමග ඉදිරිපත් කළ යුතුය. ක්‍රියාවලිය තුළ ලැබීම, පරීක්ෂා කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂාව, නිර්දේශය සහ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලැබේ.
8. ඉල්ලීම නිර්දේශ නොකළ විට
නිර්දේශ නොකළ විට හේතු දැනුම් දී නැවත සලකා බැලීමට අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.
9. බලපත්‍රය අලුත් කිරීම
“ඈ” කාණ්ඩයේ බලපත්‍ර වසර 03 ක් දක්වා වලංගු වන අතර අවලංගු වීමට මාස 03 කට පෙර අලුත් කළ යුතුය.
10. අභියාචනා ක්‍රියාවලිය
බලපත්‍රය ප්‍රතික්ෂේප වූ විට දින 30 ක් ඇතුළත අමාත්‍යාංශ ලේකම් වෙත අභියාචනය කළ හැකි අතර එම තීරණය අවසාන වේ.
ගාස්තු
-
තක්සේරු බද්ද»
-
ව්‍යාපාර බද්ද»
-
කාර්මික බද්ද»
-
විනෝදාස්වාද බද්ද»
-
අක්කර බද්ද»
-
වෙළඳ පොළ බද්ද»
-
වෙළද බලපත්‍ර ගාස්තු අය කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම»
-
කඩ කුලිය»
-
ගොඩනැගිලි සැලැස්ම»
-
අනුකූලතා සහතික නිකුත් කිරීම»
-
පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීම»
-
ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම»
-
වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම»
-
ජල සහතික නිකුත් කිරීම»
-
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම»
-
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම»
-
දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම»
-
වාහන හා සතුන් පිළිබඳ බදු පැනවීම»
-
වාහන හා භාණ්ඩ කුලියට සැපයීම»
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305