045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීම

1. බිම් කට්ටි සැලසුම (පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම) අනුමත කිරීම

බිම් කට්ටි සැලසුමක් අනුමත කිරීම සඳහා නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන වසම් සඳහා ඉඩමේ ප්‍රමාණය පර්චස් 10 ට වැඩි විය යුතුය.

නාගරික සංවර්ධන අධිකාරී පනත බලපැවැත්වෙන වසම් සඳහා ඉඩමේ ප්‍රමාණය පර්චස් 6 ක් වේ.

නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ පවතින ග්‍රාම නිලධාරී වසම්:

  • ඇල්ලේපොල
  • තලංගම
  • කුමාරගම
  • කිරිඳිගල
  • බුලත්ගම
  • තුඹගොඩ
  • දෙහිගස්තලාව
  • කිරිමැටිතැන්න
  • විකිළිය
  • තොටුපලතැන්න
  • බළන්ගොඩ

2. අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුමේ මුල් පිටපත හා සහතික කරන ලද පිටපතක්
  3. අදාළ ඉඩමේ ඔප්පු පිටපත - ඔප්පුව 2020 න් පසුව ලියාපදිංචි කර ඇත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්‍රාව තිබිය යුතුය
  4. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් (NBRO) ලබා ගත් භූමි යෝග්‍යතා සහතිකය

3. ගාස්තු

බිම් කට්ටි සැලසුම අනුමත කිරීම සඳහා රු. 300.00 ක ගාස්තුවක් අය කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරී පනත බලපැවැත්වෙන වසම් සඳහා මෙම ගාස්තු අදාළ ඉඩමෙහි ප්‍රමාණය මත වෙනස් වේ.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305