කර්මාන්ත බදු අය කිරීම
1. හැඳින්වීම
බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.
යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.
2. නීතිමය අධිකාරය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමග කියවිය යුතු 150 වන වගන්තිය.
3. සුදුසුකම්
අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.
4. ගාස්තුව
I. කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම බදු මුදලේ ප්‍රමාණය විචලනය වේ.
II. ඒ කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම.
III. ඒ ස්ථානය බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට:
| ස්ථානයේ වාර්ෂික වටිනාකම | බද්දේ ප්‍රමාණය (රුපියල්) |
|---|---|
| රු. 750.00 නො ඉක්මවන විට | රු. 500.00 |
| රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට | රු. 750.00 |
| රු. 1,500.00 ඉක්මවන විට | රු. 1,000.00 |
5. ඉදිරිපත් කළ යුතු ලේඛන
- මෙහි ලබාදී ඇති ආකෘතියට අනුව, ලේකම් විසින් නිකුත් කරනු ලැබූ කර්මාන්ත පිළිබඳ බදු නිවේදනය.
සටහන: මේ ලේඛනය ඉදිරිපත් කිරීමට යම් තැනැත්තකුට නොහැකි වන අවස්ථාවක, ඉහත සඳහන් ආකාරයේ කර්මාන්තයක් තමන් විසින් පවත්වා ගෙන යනු ලබන බවත් තමන් ඒ කාර්ය කරනු ලබන ස්ථානයේ ලිපිනය කුමක් ද යන්න සභාවේ පෙරටු කාර්යාල නිලධාරියා දැනුම්වත් කිරීමෙන් මේ බද්ද ගෙවීමට හැකියාව ඇත.
ගාස්තු
-
තක්සේරු බද්ද»
-
ව්‍යාපාර බද්ද»
-
කාර්මික බද්ද»
-
විනෝදාස්වාද බද්ද»
-
අක්කර බද්ද»
-
වෙළඳ පොළ බද්ද»
-
වෙළද බලපත්‍ර ගාස්තු අය කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම»
-
කඩ කුලිය»
-
ගොඩනැගිලි සැලැස්ම»
-
අනුකූලතා සහතික නිකුත් කිරීම»
-
පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීම»
-
ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම»
-
වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම»
-
ජල සහතික නිකුත් කිරීම»
-
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම»
-
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම»
-
දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම»
-
වාහන හා සතුන් පිළිබඳ බදු පැනවීම»
-
වාහන හා භාණ්ඩ කුලියට සැපයීම»
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305