045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම

1. බළන්ගොඩ ප්‍රාදේශීය සභාව - 2026 වර්ෂය සඳහා ප්‍රචාරක දැන්වීම් / දෘශ්‍ය පරිසරය පිළිබඳ බදු පැනවීම

බළන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක 06.01 යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

ගම ඇතිගේ ආරියදාස සභාපති
බළන්ගොඩ ප්‍රාදේශීය සභාව

2025 සැප්තැම්බර් මස 11 වැනි දින
බළන්ගොඩ ප්‍රාදේශීය සභාව
දිගදුර

යෝජනාව

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122(1) වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 1988.08.23 වැනි දින අංක 520/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ නිවාස හා ඉදිකිරීම් ගරු ඇමතිතුමා අතින් අනුමත කොට ප්‍රකාශයට පත් කොට ඇති සම්මත අතුරු ව්‍යවස්ථාවේ 39 වැනි කොටසේ ප්‍රචාරක දැන්වීම් / දෘශ්‍ය පරිසරය පිළිබද අතුරු ව්‍යවස්ථාවේ විධි විධාන ප්‍රකාර බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් වීදියකට පාරකට ඇළකට හෝ අහසට පෙනෙන පරිදි දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම වෙනුවෙන් පහත උපලේඛනයෙහි දැක්වෙන ආකාරයට බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට බළන්ගොඩ ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.

උපලේඛනය

අනු අංක විස්තරය රු. ශත (සෑම වර්ග අඩියකටම)
1 බිත්තියක් හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන (චිත්‍රපට දර්ශන දැන්වීම් හැර) ඕනෑම දැන්වීමක් 70.00
2 බිත්තියක හෝ පුවරුවක ලෑල්ලක හෝ ආධාරකයක් මඟින් ප්‍රදර්ශනය කරන ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් 120.00
3 සෑම වර්ගයකම ප්‍රචාරක බැනරයක් 70.00
4 වෙළද ව්‍යාපාරික ස්ථානයේ ප්‍රචාරක පුවරුවෙහි තම වෙළඳ ව්‍යාපාරයේ නම හැර (උපරිම වර්ග අඩි 10ක ප්‍රමාණයට යටත්ව) ඊට අමතරව ප්‍රචාරය කරනු ලබන වෙළඳ ප්‍රචාරක දැන්වීම 10.00
5 බිත්තියක් හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන (චිත්‍රපට දර්ශන දැන්වීම් හැර) තාවකාලික දැන්වීම් පුවරු 35.00

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305