2026 වර්ෂය සඳහා වාහන හා සතුන් පිළිබඳ බදු පැනවීම
බළන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක 06.01 යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 හා 148 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව 2026 වර්ෂයට අදාළව මාර්තු මස 31 වන දිනට පෙර ප්‍රාදේශීය සභා කාර්යාලයට ගෙවිය යුතු බව වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.
ගම ඇතිගේ ආරියදාස
සභාපති
බළන්ගොඩ ප්‍රාදේශීය සභාව
2025 සැප්තැම්බර් මස 11 වැනි දින
යෝජනාව
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 හා 148 වන වගන්තිය යටතේ පහත උප ලේඛනයේ දැක්වෙන අනු ප්‍රමාණය අනුව වාහන හා සතුන් පිළිබඳ බද්ද 2026 වර්ෂය සඳහා පනවා අය කරන බවද එකී පනත අනුව මෙම මුදල් 2026 වර්ෂයට අදාළව මාර්තු මස 31 වන දිනට පෙර ප්‍රාදේශීය සභා කාර්යාලයට ගෙවිය යුතු බව ද බළන්ගොඩ ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.
උපලේඛනය
| වාහන/සත්ව වර්ගය | රු. ශත (කාර්තුවකට) |
|---|---|
| මෝටර් රථයක්, මෝටර් කාරයක්, මෝටර් ලොරියක්, මෝටර් බයිසිකලයක්, කරත්තයක්, ජින් රික්ෂෝවක්, බයිසිකලයක් හෝ ට්‍රයිසිකලයක් නොවන සෑම වාහනයක් | 25.00 |
| සෑම බයිසිකලයක් හෝ ට්‍රයිසිකලයක් හෝ බයිසිකල් කාරයක් හෝ කරත්තයක් සඳහා: (අ) වෙළඳ කාර්යය සඳහා යොදවන්නේ නම් |
18.00 |
| (ආ) වෙළඳ කාර්ය නොවන කාර්ය සඳහා යොදවන්නේ නම් | 4.00 |
| සෑම කරත්තයක් | 20.00 |
| සෑම අත්කරත්තයක් | 10.00 |
| සෑම රික්ෂෝවක් | 7.50 |
| සෑම අශ්වයකු, පෝනියකු හෝ කොටළුවකු | 15.00 |
| සෑම ඇතකු | 50.00 |
නිදහස් කිරීම්: විෂ්කම්භය අඟල් 26 නොඉක්මවන රෝද ඇති ළමා වාහන, විල්බැරෝ, හුදෙක් පෞද්ගලික ස්ථානවල පමණක් වෙළඳ කාර්යය සඳහා යොදවන අත්කරත්ත සහ වෙළඳ කාර්ය සඳහා නොයොදවන අත්කරත්ත මෙකී ගෙවීමෙන් නිදහස් කෙරේ.
අර්ථ දැක්වීම: මේ උපලේඛනයේ "වෙළඳ කාර්ය" යන්නට, විකිණීම සඳහා හෝ අන්‍යාකාරයකින් හෝ යම් වෙළඳ ව්‍යාපාරයක් නැතහොත් කර්මාන්තයක් සඳහා වූ යම් ද්‍රව්‍ය හෝ බඩු හෝ යම් ලිඛිත නැතහොත් මුද්‍රිත ද්‍රව්‍ය ගෙනයාම හෝ ප්‍රවාහනය කිරීම ඇතුළත් වේ.
ගාස්තු
-
තක්සේරු බද්ද»
-
ව්‍යාපාර බද්ද»
-
කාර්මික බද්ද»
-
විනෝදාස්වාද බද්ද»
-
අක්කර බද්ද»
-
වෙළඳ පොළ බද්ද»
-
වෙළද බලපත්‍ර ගාස්තු අය කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම»
-
කඩ කුලිය»
-
ගොඩනැගිලි සැලැස්ම»
-
අනුකූලතා සහතික නිකුත් කිරීම»
-
පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීම»
-
ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම»
-
වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම»
-
ජල සහතික නිකුත් කිරීම»
-
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම»
-
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම»
-
දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම»
-
වාහන හා සතුන් පිළිබඳ බදු පැනවීම»
-
වාහන හා භාණ්ඩ කුලියට සැපයීම»
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305