« ආපසු
තන්ජන්තැන්න මංගර දේවාලය
බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි.22ක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පස තන්ජන්තැන්න පන්සල් භූමියේ මංගර දේවාලය පිහිටා තිබේ. රුහුණටත් බිම් තැන්න ප්‍රදේශයටත් විශේෂයෙන් බල පවත්නා ප්‍රාදේශිය දෙවි කෙනෙකු ලෙස සැළකෙන මංගර දෙවියන් කැලෑ වදින්නන්ගේ විශේෂ ගෞරවයට පාත්‍ර වී ඇති බැව් ප්‍රකට කරුණකි. කෘෂිකාර්මික ජීවන රටාවන් මත ජීවත් වන ගොවියාට ගව සම්පත කප් රුකක් බදු බැවින් ජනතාව පෝෂණය කිරීමේ මහඟු කාර්යයට දායක වන කිරි එළදෙනත් ගවයාත් රැක ගැනීම ජාතියේ අවශ්‍යතාවයකි. මංගර දෙවියන්ට කෙරෙන පුද පුජාවලින් අපේක්ෂා කරන්නේ ගව, මහීෂාදී සම්පත් හා මෙකි සතුන්ගේ ආරක්ෂාවටත් පොදුවේ සශ්‍රීකත්වයත්ය. මංගර දෙවියන් ලෙස සැළකෙනුයේ මතු බුදු බව ප්‍රාර්ථනා කරන බොධි සත්වයෙකු බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. තම දහතුන්වන උත්පත්තියේදී මංගර දෙවියන් මායා රටෙහි මායා රජුන්ට දාව අග මෙහෙසිය වූ වර්ණා බිසවගේ කුසයෙන් බුදසිරු නමින් උපත ලබුවේ දරුවන් නැති සොවින්; පසුව බිසව දෙවියන්ට කරන ලද පුදසත්කාරය හේතුවෙනි. උපන් නැකතට අනුව, වෙලාව බලා ගුණාගුණ සෙවිමේ පැරණි චාරිත්‍රය අනුව අවුරුදු 19 දී ගවයන්ට දක්වන ලැදියාව හේතු කොට ගෙන මීමෙකුගේ පහරින් බුදසිරු කුමරු මිය යන බවත්, නැවත දේව ආත්මයක් ලබන බවත් පැවසෙන අතර, දේව ආත්මය ලබා උපන් බුදසිරු කුමරු මංගර දෙවියන් නමින් ජනතාව අතර ප්‍රකට වී ඇත.
ආකර්ශනීය ගමනාන්ත
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305